සුජීව දිසානායක.
වසර 1996 දී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව සඳහා ගෞරව උපාධියක් ලබාගත් ඔහු 2004 වන විට පුහුණුව ලත් ගුරුවරයෙක් ලෙස පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගනියි.
2000 වර්ෂයේ සිට මේ දක්වා වසර විස්සකට අධික කාලයක් කොළඹ අතිශය ජනප්‍රිය ජාතික පාසල් කිහිපයකම භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු, උසස් පෙළ භෞතික විද්‍යා උත්තර පත්‍ර පරීක්ෂකවරුෂකයෙකු ලෙසද කටයුතු කරමින් සිටී.
එපමණක් නොව උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය සකස් කිරීම සඳහාද ඔහුගේ දායකත්වය ලබාදීමට හැකි වුනු අතර භෞතික විද්‍යාව උගන්වන ගුරුවරුන් සඳහා සැකසූ ගුරු මාර්ගෝපදේශය සැකසීමටද දායකත්වය ලබා දී ඇත.
ඉහත කී කාරණා තුළින් ලද පන්නරය නිසාම ඔහු උසස් පෙළ සිසුන් සමත් කිරීම් සම්බන්ධව කිහිප වතාවක් ගරු ඇගයීමට හා සම්මානයට පාත්‍ර වූ අයෙකි.
ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ, වීඩියෝ දර්ශන සැකසීම හා උසස් පෙළ ගුරුවරුන් හා දරුවන් සඳහා ඉදිරිපත් කළ භෞතික විද්‍යා සම්පත් පොත සම්පාදනය සඳහා ද ඔහුට ප්‍රමුඛ දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබුණි.
පන්ති කාමරය තුළ වූ ගුරු භූමිකාවෙන් එපිට විද්‍යුත් මාධ්‍ය තුළින් ද ඔහු දරුවන්ට දැනුම ලබාදීම වෙනුවෙන් කැපවූ අයෙකි.
නිදසුන් වශයෙන් :
• ජාතික රූපවාහිනියේ අධ්‍යාපන සේවයේ සජීවී අධ්‍යාපන වැඩ වැඩසටහන් ඉදිරිපත් කරමින් දරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයූ ගුරුවරයකු වීම.
• ජාතික ගුවන් විදුලියේ අධ්‍යාපන සේවයේ භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස දූ පුතුන්ට තම දැනුම් ලබාදීම
• ජාතික රූපවාහිනිය හා ජාතික අධ්‍යාපන ආයතනය එක්ව ඉදිරිපත් කළ, ශ්‍රී ලාංකීය දුවා දරුවන් අතර ඉමහත් ජනාදරයට පත්වූ "ගුරු ගෙදර" වැඩසටහනේ භෞතික විද්‍යා ගුරුවරයකු වීම.
වසර විස්සකට වඩා අධික කාලයක් ගුරුවරයකු ලෙසත් උත්තර පත්‍ර පරීක්ෂකවරුන්යෙකු ලෙසත් අධ්‍යාපනික සම්පත් දායකයකු ලෙසත් ලද අත්දැකීම් තුළින් ලද පන්නරය නිසාම විශාල සිසුන් පිරිසකට දිවයිනේ හා දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් ලෙස විශ්වවිද්‍යාල වරම් ලබා දීමට ඔහුට හැකියාව ලැබුණි.
බදාදා ප.ව. 3.00ට
සෙනසුරාදා ප.ව. 6.30ට
බ්‍රහස්පතින්දා ප.ව. 2.30ට
ජාතික රූපවාහිනියේ ගුරුගෙදර භෞතික විද්‍යා දේශක, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු භෞතික විද්‍යා ආචාර්ය, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක, සුජීව දිසානායක.
භෞතික විද්‍යා කොළඹ පන්ති පවත්වන ස්ථාන .